මුහුදු සීමා මනින්න 'ජමුනා' කොළඹට

මෙරට මුහුදු සීමා සිතියම්ගත කරන්න ඉන්දීය අධි තාක්ෂණික නෞකාවක් කොළඹට

by Staff writer 07-02-2020 | 8:39 PM

COLOMBO (News 1st) - ඉන්දීය නාවික හමුදාවට අයත් 'ජමුනා' නෞකාව මේ දිනවල මෙරටට පැමිණ තිබේ.

මෙම විශේෂ යුධ නෞකාව ඊයේ මෙරටට පැමිණියේ සාගර ජල සමීක්ෂණය සහ සාගර දත්ත එක් රැස් කිරීම වෙනුවෙනි. ඉන්දියානු සාගරය අවට සාගර කලාපයේ නිරීක්ෂණ හා ආවේක්ෂණ රාජකාරීවල නිරතව සිටි 'ජමුනා' නෞකාව මෙරටට ළඟා වුණේ මෙරට සාගර කලාපය යළි සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතියට අදාළවයි. මීටර් 87.8 ක් දිග ටොන් 1929 ක් බර මෙම අධි තාක්ෂණික යුධ නෞකාව 1991 වසරේ අගෝස්තු 31 වනදා ඉන්දීය නාවික හමුදාවට එක්ව තිබේ. පැයට මුහුදු සැතපුම් 16ත් 26ත් අතර උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මෙම නෞකාව ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් 16 දෙනෙකුගෙන් සහ 160කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විතය. ඕනෑම අවස්ථාවක හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ හැකියාව පවතින මෙම යුධ නෞකාව මාස තුනකට ආසන්න කාලයක් මෙරට මුහුදු තීරයේ රැඳී සිටීමට නියමිතය.
colombo:

කොළඹ

English - Sinhala