පසුගිය රජය ඇමති වාහන සඳහා බිලියන 2.8ක් වැය කරලා

පසුගිය රජය ඇමති වාහන සඳහා රු. බිලියන 2.8ක් වැය කරලා

by Staff writer 07-02-2020 | 12:57 PM
COLOMBO (News 1st) : 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට මේ දක්වා පසුගිය රජයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2.8 ක් වැය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළිවිය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දුන් පිළිතුරත් සමගයි. එම සංවාදයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ද එක් විය. https://www.facebook.com/NewsfirstSL/videos/529656667906873/