නිල සංචාරයක් සඳහා අගමැති අද ඉන්දියාවට

නිල සංචාරයක් සඳහා අගමැති අද ඉන්දියාවට

by Staff writer 07-02-2020 | 7:38 AM
COLOMBO (News 1st) : ආග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යයි. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ නිල ආරාධනයට අනුවයි. මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු කරන ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සඳහන් කළේ ය. මෙම සංචාරයට ඩග්ලස් දේවානන්දා, ආරුමුගම් තොන්ඩමන් ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වීමට නියමිතයි. සංචාරයේදී ද්වීපාර්ශවීය කරුණු රැසක් සම්බන්ධයෙන් එකඟතාවට එළඹීමට සැලසුම් කර තිබේ.