කෝප් කමිටු සභාපති ධුරය යළිත් සුනිල් හඳුන්නෙත්තිට

කෝප් කමිටු සභාපති ධුරය යළිත් සුනිල් හඳුන්නෙත්තිට

by Staff writer 07-02-2020 | 2:22 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද පත් කෙරිණි.

අද පස්වරුවේ කොප් කම්ටුව රුස් වූ අතර එහිදී සභාපති ධූරය සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම අජිත්.පී. පෙරේරා මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ. එම යෝජනාව ස්ථීර කරනු ලැබුවේ අශෝක් අබේසිංහ මහතා විසිනි. අනතුරුව සභාවේ සියලුදෙනාගේ එකඟතාවයෙන් හඳුන්නෙත්ති මහතා සභාපතිවරයා ලෙස පත් කෙරිණි. කොප් කමිටුව සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත අතර ඉන් 09 දෙනෙකු වන බහුතරය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර, හඳුන්නෙත්ති මහතා ද ඇතුළුව කමිටු සාමාජිකයින්ගේ 07 දෙනකු විපක්ෂය නියෝජනය කරනු ලැබේ. කෝප් කමිටුව නියෝජනය කරන සාමාජිකයන් වන්නේ, අනුර ප්‍රියදර්ශන යාපා සුසිල් ප්‍රේමජයන්ත මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි ජයසේකර ජයන්ත සමරවීර මොහාන් ප්‍රියදර්ශන සිල්වා රවුෆ් හකීම් විජේදාස රාජපක්ෂ හර්ෂ ද සිල්වා අජිත්. පී පෙරේරා ශ්‍රියානි විජේවික්‍රම රන්ජන් රාමනායක අශෝක් අබේසිංහ සුනිල් හඳුන්නෙත්ති මාවෙයි සේනාධිරාජා ඩි.වී චානක මේ අතර 08 වැනි පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය සඳහා පත් කළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කෙරිණි. ලසන්ත අලගියවන්න මහතාගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසිනි. කාරක සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ, පවිත්‍රා වන්නිආරච්චි ඩග්ලස් දේවානන්ද වාසුදේව නානායක්කාර දුමින්ද දිසානායක රෝහිත අබේගුණවර්ධන ලසන්ත අලගියවන්න ෂෙහාන් සේමසිංහ චන්දිම වීරක්කොඩි උදය ප්‍රභාත් ගම්මන්පිල පාලිත රංගේ බණ්ඩාර නිරෝෂන් පෙරේරා අලි සහීර් මවුලානා බුද්ධික පතිරණ ශ්‍රි ධරන් නලින්ද ජයතිස්ස විජයපාල හෙට්ටිආරච්චි