බස් රථවල අධික ශබ්දය සහිත නලා ඉවතට

අධික ශබ්දයක් සහිත නලා සවි කර තිබූ බස් රථ හිමිකරුවන්ට නඩු

by Staff writer 07-02-2020 | 4:25 PM

COLOMBO (News 1st) - බස් රථවල සවිකර ඇති අධික ශබ්දයක් නැගෙන පරිදි වාදනයවන නලා ඉවත් කිරීමට ගාල්ල රථවාහන පොලීසිය පියවර ගැනිණි.

අප වාර්තාකරු පැවසුවේ ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරුණු බස් රථ මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු බව ය. අධික ශබ්දයක් සහිත නලා සවි කර තිබූ බස් රථවල හිමිකරුවන්ට එහිදී නඩු පැවරූ බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය වැඩි දුරටත් කියා සිටියේ, මේ ආකාරය‍ට බස් රථ පරීක්ෂා කිරීම් ඉදිරියටත් සිදු කරන බව ය.