යහපාලන රජයේ මැති ඇමති වාහන ගැන ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්

යහපාලන රජයේ මැති ඇමති වාහන ගැන ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්

යහපාලන රජයේ මැති ඇමති වාහන ගැන ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්

කර්තෘ Chathuranga Rajapaksha

07 Feb, 2020 | 10:27 pm

COLOMBO (News 1st) – 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට ඉකුත් ආණ්ඩුව සමයේ විවිධ අමාත්‍යාංශවලට ගෙන්වන ලද වාහන සඳහා වැය කරඇති මුදල රුපියල් බිලියන දෙකයි දශම අටක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 

බිලියන දෙකයි දශම අටක් ගන්නවා. ලක්ෂ 28 000 ක වාහන අරන් තියනවා යහ පාලන ආන්ඩුව. කැබිනට් ඇමතිවරුන්ට
බිලියන 1.6 ක ලක්ෂ 16 000 ක අරන් තියනවා. රාජ්‍ය ඇමතිවරුන්ට අරන් තියනවා මිලියන 652 ක. නියෝජ්‍ය
ඇමතිවරුන්ට අරන් තියනවා මිලියන 567 ක

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙළි කළ පරිදි පැවැති රජය වර්ෂ කිහිපයක් තුළ විවිධ අමාත්‍යංශවල වාහන සඳහා
මුදල් වැය කර ඇත්තේ මෙලෙස ය.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන)
2017 වසරේදී
වාහන දෙකකට
මිලියන 82.51 යි.

විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ (කැබිනට් නොවන)
වාහන දෙකකට
මිලියන 80.37 යි.

විශේෂ ප්‍රදේශ සංවර්ධන
වාහන තුනකට
මිලියන 110.92 යි.

මුදල් අමාත්‍යංශය
එක් වාහනයකට
මිලියන 33 යි.

ආරක්ෂක අමාත්‍යංශය
2016,2017 සහ 2019 වසරවලදී
වාහන 8 යි.
මිලියන 327.47 යි.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරිම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු, නිපුණතා
සංවර්ධන හා යෞවන කටයුතු
2016 වසරේදී
වාහන 3 යි.
මිලියන 70.5 යි.

තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු
වාහන දෙකයි.
මිලියන 84 යි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
2016 වසරේදී
වාහන දෙකයි.
මිලියන 79 යි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය
2017 වසරේදීක
වාහන දෙකයි.
මිලියන 79.38 යි.

විදේශ කටයුතු
2017 වසරේදී
වාහන දෙකයි.
මිලියන 84.05 යි

ජනතාව දහසකුත් ප්‍රශ්ණවලින් පීඩා විදිද්දී, ජනතා මුදලින් අධි සුඛෝපභෝගී වාහන ඇතුළේ සැප විදින අය ජනතාව
නියෝජනය කිරීමට සුදුසුද ?

ජනතා අවධානයට….

colombo: කොළඹ

English – Sinhala

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]