STF යට නව අණදෙන නිලධාරීයෙක්

STF නව අණදෙන නිලධාරී ලෙස නි⁣යෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

by Staff writer 06-02-2020 | 8:45 PM

COLOMBO ( News 1st ) - පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, අදාළ තනතුර සඳහා පොලිස්පතිවරයා විසින් යෝජනා කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නම් සළකා බැලීමෙන් අනතුරුවයි. නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණදෙන නිලධාරියා වනු ඇති. 1985 ජනවාරි 20 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ ගුණතිලක මහතා 1986 මාර්තු 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කෙරිණි. මහව, කැබිතිගොල්ලෑව, ආදී ප්‍රදේශ රැසක සේවය කළ ඔහු කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ ආරක්ෂාව සැලසීම සඳහා අනුයුක්ත කළ අතර ලයනල් ගුණතිලක මහතා යුද සමයේ තර්ජිත ගම්මානවල ආරක්ෂාව සැලසීම සඳහා සුවිශේෂී මෙහෙයක් ඉටු කළ පොලිස් නිලධාරියෙකි.