COLOMBO (News 1st): ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් සිංහල භාෂා සංස්කරණ පැකේජයක් හඳුන්වාදීමේ මූලික අදියරේ පළමු සාකච්ඡාව ඊයේ කොළඹදී පවත්වනු ලැබිණි.
මාධ්‍යවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අදහස් හුවමාරු කර ගැනීම එම සාකච්ඡාවේදී සිදුවිය.
සිංහල සංස්කරණ පැකේජය දියුණු කිරීමට අවශ්‍ය යෝජනා ද එහිදී මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කරනු ලැබිණි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ පිඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහතා මෙසේ කියා සිටියේය.
මෙය වසරක් ඇතුළත ක්‍රෝම් බ්‍රවුසර් එකේ, ප්ලගින් එකක් හැටියට නිපදවන්න අපි බලාපොරොත්තු වෙනවා. එය ඉටු වුණායින් පස්සේ, අපිට පුළුවන් ටයිප් කරන ඕනම සිංහල ඩොකියුමන්ට් එකක හරි වැරදි, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ ස්ටයිල් එක සියල්ල එමගින් නිවැරදි කරලා ලබා ගන්න හැකියාව තිබෙනවා. මේ සඳහා ෆේස් බුක් වෙබ් අඩවියක් ක්‍රියේට් කරලා ඒ සඳහා අදහස් ලබා ගැනීම අපේ යම් කාලයකින් පස්සේ නිපදවන පැකේජයේ යම් වර්ෂන් එකක් මහජනතාවගේ යෝජනා සඳහා ඉදිරිපත් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා, ෆේස්බුක් හරහා.
