රිෂාඩ්ගේ සහෝදරයා යළි රක්ෂිත බන්ධනාගාරයට

රිෂාඩ්ගේ සොහොයුරු රිෆ්කාන් බදුර්දීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 06-02-2020 | 4:55 PM

COLOMBO ( News 1st ) - හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදුර්දීන් ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

ඒ, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ව්‍යාජ ඔප්පු සකස් කොට තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අන්සතු ඉඩම් කොටස් 2ක් විකුණා වංචා කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අංඩංගුවට ගනු ලැබුවේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ නඩුවේ පැමිණිලිකරුට දුරකතනයෙන් අවස්ථා කිහිපයකදී තර්ජනය කර ඇති බවයි. ඒ, පිළිබඳ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදි කියා සිටියේ ඉදිරිපත්ව ඇති කරුණු අනුව සැකකරු ඇප මත මුදා හැරීමෙන් පැමිණිල්ලේ සාක්ෂිවලට බලපෑම් එල්ලවිය හැකි බව ය. ඒ අනුව, විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ලබන 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය.