රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය ආයතනවල පුහුණුවක්

රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු 01 වැනි දා සිට රාජ්‍ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය

by Staff writer 06-02-2020 | 6:57 AM

COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු 01 වැනි දා සිට රාජ්‍ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාවට ඊයේ අනුමැතිය හිමි විය. ඒ අනුව වසරක පුහුණු කාලයකින් පසු එම උපාධිධාරීන්ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතයි. පුහුණුව පැවැත්වෙන කාලය තුළ එම උපාධිධාරීන්ට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ලබා දෙනු ඇති. මීට අමතරව ඔවුන් ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහා ද යොමු කරනු ඇත. රජයේ දත්තවලට අනුව දිවයින පුරා සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කට ආසන්නයි.