කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනයේදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 06-02-2020 | 4:23 PM

COLOMBO ( News 1st ) - යාපනය, තොණ්ඩමනාරු ප්‍රදේශයේ කළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව ඒකාබද්ධව කළ වැටලීමකදී ය. එහිදී සොයාගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 100 කට අධික බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම කේරළ ගංජා තොගය කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ අතර පලෙයි, උඩුත්තරේ, ආලියාවාලෙයි ප්‍රදේශයේදී ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 31.200 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 52 හැවිරිදි සැකකරු ආලියාවලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.