පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

by Staff writer 06-02-2020 | 10:47 AM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 03 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ, සේවා අවශ්‍යතා මත, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. ස්ථාන මාරුකළ පොලිස් නිලධාරීන් අතර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු , සහකාර පොලිස් අධිකාරීවරුන් 06 දෙනෙකු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වන බව  සදහන් කළා.