ත්‍රීකුණාමලයේ ඝාතනය පිළිබඳ කරුණු රැසක් හෙළිවෙයි

ත්‍රීකුණාමලයේ ඝාතනය: ලොරි රථයේ රියැදුරු හා බිරිඳ අත්අඩංගුවට

by Staff writer 06-02-2020 | 7:42 AM

COLOMBO (News 1st) - පසුගිය දා ත්‍රීකුණාමලය, පාලම්පටාර් ප්‍රදේශයේ ලොරියක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව ලොරි රථයේ රියැදුරු සැකපිට ඊයේ පස්වරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීකුණාමලය, පාලම්පටාර් පාලම අසළ මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සහිතව නවතා තිබූ ලොරි රථයක් සොයා ගැණුනේ පසුගිය 01 වන දා අලුයමයි. කෙසේ වෙතත් මිය ගිය රියැදුරාගේ රිය සහයකයා අදාළ ඝාතනයට සම්බන්ධ බවට පළමුව සැක කළ අතර මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් ආනාවරණය කර ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්ව සිටි. අදාළ ලොරි රථයේ රියැදුරු විසින් රිය සහයකව ඝාතනය කර පසුව පුළුස්සා පළා ගොස් ඇති අතර සැකකරු, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටන පුද්ගලයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය. මිය ගිය පුද්ගලයාගේ සිරුර ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර අවසන් කටයුතු සඳහා මේ වනතෙක් සිරුර මුදා හැර නැත. පළා ගිය රියැදුරුගේ බිරිඳ ද මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට මේ වනවිට තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින්, ත්‍රීකුණාමලය, මිහිදුපුර ජනතාව අනුරාපුර - ත්‍රීකුණාමලය ප්‍රධන මාර්ගය මිහිදුපුරු ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක ද නිරත විය. කෙසේ වෙතත් අදාළ සැකකරු මන්නාරම ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇති අතර තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබේ.