කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 06-02-2020 | 3:42 PM

4.35 PM Update: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔවුන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ඔවුන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට භාර වූ පසුව ය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය සඳුදා වරෙන්තුවක් නිකුත් කළේ ය. ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධීකරණය කළ බව කියන චෝදනාවලට අදාළව යි.

---------------------------------------------------------------------------------

COLOMBO  (News 1st ) -  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි. කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවට භාරවිය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය සඳුදා වරෙන්තුවක් නිකුත් කළේය. ඒ , ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධීකරණය කළ බව කියන චෝදනාවලට අදාළවයි.