චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

කර්තෘ Staff writer

06 Feb, 2020 | 8:22 am

COLOMBO (News 1st) – චීනයේ, ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවා ඇත.

ඒ, අනුව චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය ද පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා
තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබේ.

එම නගරයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට තහවුරු වනතෙක් එම තීරණය ක්‍රියාත්මක වනු ඇති.

මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන අප්‍රේල් 19 වැනි දායි.

කෙසේ නමුත් ෂැංහයි නගරයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නියමිත පරිදි තරගය පවත්වන්නේ ද යන්න
ඉදිරියේදී තීරණය කරන බවට ෆෝර්මියුලා වන් ලෝක ශූරතා සංවිධායකයින් පවසයි.

මෙවර ලෝක ශූරතාවලිය අදියර 22 කින් සමන්විත අතර පළමු වරට සත්කාරකත්වය හිමි වූ වියට්නාම අදියරට ද කිසියම්
බලපෑමක් එල්ල විය හැකි බවට විදෙස් වාර්තා සඳහන් කළේය.

එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 5 වැනිදා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]