ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන ගුවන් ගමන් අඩු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන ගුවන් ගමන් අඩු කරයි

by Staff writer 05-02-2020 | 7:57 PM

News 1st - ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ නගර 3ක් වෙත පියාසර කරන ගුවන් ගමන් හෙට සිට අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ, කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් ය. කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ගුවන් සේවා ක්‍රියාත්මක කරන චීන ගුවන් සමාගම් 4 ක් ද එලෙස සිය ගුවන් ගමන් සීමා කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ, හෙට සිට මාර්තු 28 වැනිදා දක්වා චීනයේ බෙයිජිං, ෂැන්හයි හා කැන්ටන් නගර වෙත පියාසර කරන ගුවන් ගමන් සංඛ්‍යාව අඩු කරන බවයි. ඒ අනුව බෙයිජින් වෙත සතිපතා ගුවන් ගමන් වාර සංඛ්‍යාව 4 සිට 2 දක්වාත්, ෂැන්හයි වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත්, කැන්ටන් ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කරනු ඇති.