ලං.වි.ම අර්බුධයට පසුගිය රජය වගකිව යුතුයි

විදුලිබල මණ්ඩලයේ අර්බුධයට පසුගිය රජය වගකිව යුතුයි - මහින්දානන්ද අලුත්ගමගේ

by Staff writer 05-02-2020 | 10:17 PM

COLOMBO  (News 1st ) - පසුගිය යහපාලන රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල තවමත් ගෙවා නොමැති බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ය. මේ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, 2018-2019 වසර දක්වා කාලයට ගෙවිය යුතු මුදල් ගෙවා නොමැති බව ය. මේ නොගෙවීම නිසා විදුලිබල මණ්ඩලය බරපතල මූල්‍ය අර්බුධයක සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ය.