ට්‍රම්ප්ගෙන් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ට විවේචන

වාර්ෂික පණිවුඩය නිකුත් කළ ට්‍රම්ප්ගෙන් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ට විවේචන

by Staff writer 05-02-2020 | 8:17 PM

COLOMBO ( News 1st ) - ඉදිරි සිවු වසර සඳහා ද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ තමා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අවධාරණය කළේ ය. ඒ, ජාතිය අමතමින් ඉදිරිපත් කළ වාර්ෂික දේශනයේදී ය.

අමෙරිකාව ඉදිරියටම ගමන් කරමින් සිටින බවත් කිසි දිනක පසුපසට නොයන බවත් පැවසූ ජනාධිපතිවරයා සෞඛ්‍යාරක්ෂණ සැළසුම හා ආර්ථිකය පිළිබඳව ද අදහස් දැක්වුවේ ය. ට්‍රම්ප් මෙහිදී ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ට දැඩි විවේචනයක් එල්ල කිරීමට ද අමතක කළේ නැහැ. ඔහුගේ කතාව අතරතුර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසි ක්‍රියා කළ ආකාරය විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක් විය. ඇය ජනාධිපතිවරයාට අතට අත දීමට උත්සහ කළත් එය සාර්ථක වූයේ නැහැ. පසුව කතානායිකාව ඊට ප්‍රතිචාර දැක්වූයේ ජනාධිපතිවරයාගේ කතාවේ පිටපත ඉරා දමමින් ය. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් විභාග වෙමින් තිබියදී ඔහු මෙලෙස කොංග්‍රසය අමතා දේශනය පැවැත්වූ අතර, එල්ල වූ චෝදනාවලින් ජනාධිපතිවරයා අද නිදහස් වනු ඇති බව ද සඳහන් වේ. අනවසර පිටසක්වල ජීවීන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම්දීමට බදු ගෙවන්නන්ට බලපෑම් කරන්නේ යැයි ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට චෝදනා කළ අමෙරිකානු ජනාධිපතිවරයා තමා බැරැක් ඔබාමාට වඩා විශිෂ්ඨයකු බවටද ඉඟි කළ බව විදෙස් වාර්තාවල දැක් වේ.