රුසියානු යුද හමුදා සේනා විධායකවරයා ජනපති හමුවෙයි

රුසියානු යුද හමුදා සේනා විධායක ජෙනරාල් ජනපති හමුවෙයි

by Staff writer 05-02-2020 | 10:25 PM
COLOMBO (News 1st) : රුසියානු සමූහාණ්ඩුවේ යුද හමුදා සේනා විධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතා ජනාධිපති කාර්යාලයේදී අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ජනාධිපතිවරයා සමග පැවති එම සාකච්ඡාවට සැලියුකෝව් මහතා සමග මෙරටට පැමිණි රුසියානු හමුදාවල ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියේ ය. මේ අතර රුසියානු සමූහාණ්ඩුවේ යුද්ධ හමුදා සේනා විධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.