ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-02-2020 | 6:04 AM
1. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් 41 ක් වසරක පොලිස් සේවයට සමුදෙයි: පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ. 2. ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාව ජනපතිට පිළිගන්වයි: ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ. 3. ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු – සෞඛ්‍ය අමාත්‍යාංශය: දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 4. නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 512කට නිදහස: 72 වැනි ජාතික නිදහස් දින සැමරුව නිමිත්තෙන් සිරකරුවන් 512 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.