ලතිෆ් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ධුරය කාට ද?

එම්. ආර්. ලතිෆ් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ධුරයට අද සුදුස්සෙකු නම් කෙරේ

by Staff writer 05-02-2020 | 11:17 AM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ධුරයට සුදුස්සෙකු නම් කිරීම අද සිදු කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

එහි නිලධාරියෙකු සඳහන කළේ, මේ වනවිට අණදෙන නිලධාරී ධුරයේ වැඩ බැලීම පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා විසින් සිදු කරන බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ධුරය සඳහා නම් දෙකක් වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙත යෝජනා කර ඇත. එලෙස යෝජනා කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලයනල් ගුණතිලක හා වරුණ ජයසුන්දර යන අයගේ නම් ය. ඒ අතරින් අණදෙන නිලධාරී ධුරයට පත් කරන තැනැත්තාගේ නම අද දින දැනුම් දෙනු ඇති. වසර 41 ක පොලිස් සේවා දිවියට සමුදෙමින් එම්.ආර්. ලතීෆ් මහතා ඊයේ දිනයේ විශ්‍රාම ගත්තේ පොලිස් සේවයට අනභිභවනීය සේවයක් ඉටුකිරීමෙන් අනතුරුවයි.