රන්ජන්ගේ සංවාද ඇතුළත් CD පටයක් පාර්ලිමේන්තුවට

අගමැතිගෙන් සෘජුව ප්‍රශ්න කිරීමේ අවසරය අද සිට මන්ත්‍රීවරුන්ට

by Staff writer 05-02-2020 | 7:12 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිත වේ.

අප වාර්තාකරු සඳහන් කළේ, අද සිට යළි ත් වරක්  සෑම මසකම පළමු සතියේ බදාදාට අග්‍රාමාත්‍යවරයාගෙන් සෘජුව ප්‍රශ්න කිරීමේ හැකියාව මන්ත්‍රීවරුන්ට ලැබෙන බවයි. මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා දිවුරුම් දීමට නියමිතවේ. අප වාර්තාකරු පැවසූවේ, අද දිනයේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයට අදාළ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත බවය. තව ද රන්ජන් රාමනායක මහතා එක් සීඩී තැටියක් හැන්සාඩ් කාර්යාලයට භාරදී තිබෙන බවත් ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කුමක් ද යන්න පිළිබඳවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ය.