72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

by Staff writer 04-02-2020 | 5:34 PM

COLOMBO (News 1st) - 72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබපැතුම් එක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසන්නේ, දෙරට අතර සම්බන්ධතාවය පොදු ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම මත පදනම් වන අතර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදයට සහ එහි ස්වෛරීභාවයට ස්ථිර ලෙස සහාය දෙන බවයි. ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සාමය, ආර්ථික වර්ධනය, ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා කැපවන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි. ඉදිරි වසර තුළ අපගේ සබඳතා වඩාත් ගැඹුරු කිරීමටත් අපේ රටවල් දෙකටම දීප්තිමත් අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය.