නීතියේ ආධිපත්‍යට ගරු කරන්න - ජනපති

රට වෙනුවෙන් උපරිමයෙන් කැප වී කටයුතු කරන්න සූදානම් - ජනපති

by Staff writer 04-02-2020 | 10:17 AM

COLOMBO ( News 1st ) -  නීතිමය කටයුතු සඳහා දේශපාලන අතගැසීම් කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීමට තම රජය පියවර ගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පැවැති 72 වන අභිමානවත් නිදහස් සැමරුම් උත්සවයේදී ජනතාව අමතමිනි. ජනාධිපතිවරයා සඳහන් කළේ, රට වෙනුවෙන් උපරිමයෙන් කැප වී කටයුතු කරන්න තමා සූදානම් බව ය. එමෙන්ම යුක්තිගරුකව හා නීතිගරුකව ජීවත්වීමට සැබෑ නිදහසක් ජනතාවට ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාවත් තම රජය යටතේ සහතික කරන බවට ද ජනාධිපතිවරයා නිදහස් සැමරුම අමතමින් පෙන්වා දුන්නේ ය. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන ලෙසට ද තමන් ගැන පමණක් නොව රටවැසියන් ගැනද සිතා කටයුතු කරන ලෙසට ද මෙහිදී ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එමෙන්ම ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ, සංවර්ධන කටයුතු වේගවත් කිරීමට තම රජය කැප වී කටයුතු කිරීමට සූදානම් බව යි.