නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්

නිදහස් දින සැමරුම හේතුවෙන් කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

by Staff writer 04-02-2020 | 8:20 AM

COLOMBO (News 1st): 72 වන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව අද උදෑසන සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ, අනුව ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම, පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට හා ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම අත්හිටුවා ඇතැයි පොලීසිය පැවසුවේ ය. මීට අමතරව ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතින් රොස්මිඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවතට ඇතුළුවීම ද එම කාලය තුළ අත්හිටුවන බව පොලීසිය දැනුම් දෙන්නේය. පොලීසිය ප්‍රකාශ කළේ, බෞද්ධාලෝක මාවතේ සිට මෙට්ලන්ට් පෙදෙසට හා ප්‍රේමකිර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම පෙරහුරු පවතින කාල සීමාවේදී අත්හිටුවන බව ය. මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් මාවතට ඇතුළුවීමද අත්හිටුවා තිබේ.

පොලීසිය විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ රථ වාහන සැලැස්ම සඳහා පිවිසෙන්න..