අද සිරකරුවන් 512කට නිදහස..

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 512කට නිදහස

by Staff writer 04-02-2020 | 8:49 AM

COLOMBO ( News 1st ) -  72 වැනි ජාතික නිදහස් දින සැමරුව නිමිත්තෙන් සිරකරුවන් 512 දෙනෙකුට අද නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ටී.එම්.ඡේ.ඩබ්ලිව්. තෙන්නකොන් මහතා පැවසුවේ කෙටිකාලීන සිරදඬුවම් ලැබූ පිරිසකට එලෙස නිදහස ලබාදෙන බව ය. නිදහස ලැබීමට නියමිත සිරකරුවන්ගේ නාම ලේඛනය ජනාධිපතිතුමා වෙත යවා ජනාධිපති සමාව යටතේ මෙය සිදුකරන බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.