by Staff writer 04-02-2020 | 11:59 AM
COLOMBO ( News 1st ) - 72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 244 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.
යුද හමුදාව පැවසුවේ මේ යටතේ බ්‍රිගේඩියර්වරු 17 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇති බවයි.
ලුතිනන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් නිලයට උසස් කර තිබේ.
මේජර්වරුන් 45 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත්, කපිතාන්වරු 42 දෙනෙකු මේජර් නිලයටත් උසස් කර ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.
ලුතිනන්වරුන් 80 දෙනෙකු කපිතාන් නිලයට උසස් කර ඇති අතර දෙවන ලුතිනන්වරුන් 11 දෙනෙකු ලුතිනන් නිලයට උසස් කර තිබේ.
යුද හමුදාව පැවසුවේ මෙතෙක් වැඩිම නිලධාරීන් පිරිසක්ට උසස් වීම් ප්‍රදානය කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.