ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාව ජනපතිට

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාව ජනපතිට පිළිගන්වයි

by Staff writer 04-02-2020 | 5:09 PM

COLOMBO (News 1st) - ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඊයේ පස්වරුවේ කොළඹ 07 විද්වත් වෘත්තිකයින්ගේ සංගම් මධ්‍යස්ථානයේදී එම ප්‍රතිපත්තිය පිළිගැන් වූ බවයි. අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කලක සිට සංවාදයට ලක් ව තිබුණි. ඒ වෙනුවෙන් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ විසින් මහජන කොමිසමක් පත්කරනු ලැබුවේ ය. එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසින් ය.