චීනයේ සිටි ලාංකික සිසුන් 10ක් අද දිවයිනට

චීනයේ සිටි ලාංකික සිසුන් 10ක් අද දිවයිනට

by Staff writer 04-02-2020 | 12:36 PM

COLOMBO ( News 1st ) - චීනයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් 10 දෙනෙකු අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 717දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි. මේ අතර කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 15 දෙනෙකු තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, එම පුද්ගලයින්ගේ ඛේට සහ රුධිර සාම්පල පරීක්ෂා කරන බවයි. මේ අතර කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාව මේ වනවිටත් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇය සම්බන්ධයෙන් සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ අවසන්වීමෙන් පසු ඇය රෝහලින් මුදා හැරීමට පියවර ගන්නා බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.