ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු

ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 04-02-2020 | 6:00 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. යම් කිසි පුද්ගලයෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි.