by Staff writer 03-02-2020 | 6:14 PM
COLOMBO (News 1st) - පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදී තිබේ.
අද දින එම පෙත්සම කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයිරාජා, ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.
මෙහිදී පෙත්සම සලකා බැලීම ලබන මැයි මස 26 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
තමාව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.