කොළඹ පාරවල් කිහිපයක් අද ත් තාවකාලිකව වැසේ

නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු නිසා කොළඹ පාරවල් කිහිපයක් තාවකාලිකව වැසේ

by Staff writer 03-02-2020 | 6:37 AM

COLOMBO (News 1st) - 72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අද උදෑසන 7 සිට පැය 12 ක් වසා තැබේ.

නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන්ඩ් ක්‍රසන්ට්, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වටරවුම දක්වා එලෙස වසා තැබෙනු ඇති. ඒ, හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය. මේ අතර නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව අද දිනයේත් උදෑසන 6 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අනුව, ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට හා ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම අත්හිටුවා ඇතැයි පොලීසිය පවසයි. මීට අමතරව ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතින් රොස්මිඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවතට ඇතුළුවීම ද එම කාලය තුළ අත්හිටුවන බව පොලිසිය දැනුම් දෙන්නේය. පොලිසිය ප්‍රකාශ කළේ, බෞද්ධාලෝක මාවතේ සිට මෙට්ලන්ට් පෙදෙසට හා ප්‍රේමකිර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම පෙරහුරු පවතින කාල සීමාවේදී අත්හිටුවන බව ය. මේ අතර , ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් මාවතට ඇතුළුවීම ද අත්හිටුවා තිබේ.

පොලීසිය විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ රථ වාහන සැලැස්ම සඳහා පිවිසෙන්න..