නව විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

නව විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Staff writer 03-02-2020 | 8:28 PM

COLOMBO (News 1st) - නව විනිසුරුවරුන් දෙදෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද පස්වරුවේ දිවුරුම් දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසයි. අභියාචනාධිකරණ විනිසුරු එච්.එම්.ඩී නවාස් මහතා අද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.