දොඩංගොඩ රබර් නිෂ්පාදන ආයතනයක ගින්නක්..

දොඩංගොඩ රබර් නිෂ්පාදන ආයතනයක ගින්නක්

by Staff writer 03-02-2020 | 11:52 AM

COLOMBO (News 1st):  කළුතර , දොඩංගොඩ තුඩුගල ප්‍රදේශයේ රබර් නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, අද පෙරවරු 10.35ට පමණ හටගත් ගින්න පාලනය සඳහා කළුතර ගිනි නිවීම් ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව දොඩංගොඩ ප්‍රාදේහීය සභාවේ සේවා රථ 05 ක් යෙදවූ බව ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.