"කිසිදු අවස්ථාවක ජල කප්පාදුවක් සිදු කරන්නේ නැහැ"

කිසිදු අවස්ථාවක ජල කප්පාදුවක් සිදු කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර

by Staff writer 03-02-2020 | 5:14 PM

COLOMBO (News 1st) - උෂ්ණාධික කාලගුණයක් පැවතිය ද කිසිදු අවස්ථාවක ජල කප්පාදුවක් සිදු නොකරන බව ජල සම්පාදන පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ අතර වැල්ලවත්ත, කොටහේන ඇතුළු කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ ජල සැපයුම බිඳ වැටී තිබුණි. එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේ, එම ජල කප්පාදුව පිළිබඳ කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු කර නොතිබූ නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත් වූ බවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් අප මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ප්‍රදේශය ආශ්‍රිත නළ පද්ධතියේ ඇති වූ හදිසි කාන්දුවක් එම ජල කප්පාදුවට හේතු වූ බවයි.