අතහැර දමන ලද පතලකට වැටීමෙන් තිදෙනෙකු මරුට

අවිස්සාවේල්ලේ පතලකට වැටීමෙන් තරුණයින් තිදෙනෙකු මරුට

by Staff writer 03-02-2020 | 7:26 AM

COLOMBO (News 1st): අවිස්සාවේල්ල, මාලිගාව මාවත ප්‍රදේශයේ අතහැර දමන ලද පතලකට වැටීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 7.30 ට පමණ ප්‍රදේශයේ ඉඩමක අතහැර දමන ලද පතලකට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයින් ද එම පතලට වැටී ඇති බව ය. සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් තිදෙනා මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17, 25 සහ 27 යන වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් තුන් දෙනෙකි.