CID යේ නිලධාරියෙකුගෙන් ජනපති කොමිසමට සාක්ෂියක්

21 ප්‍රහාරය: CID යේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගනී

by Staff writer 02-02-2020 | 12:05 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදී තිබේ.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහුගෙන් සාක්ෂි ලබාගැනීම රහසිගතව සිදු වූ බවයි. ලබන බ්‍රහස්පතින්දා නැවත කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔහුට දැනුම් දී ඇත. ඊට අමතරව මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ද ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. ඒ, මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙනි. අප්‍රේල් 21 වැනි දා සිදු වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 460 කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඊට අදාළව සාක්ෂි සටහන් කරගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 59 කි. එම ජනාධිපති කොමිසමේ කාලය මාර්තු 22 වැනි දායින් අවසන්වීමට නියමිතයි.