කුරුණෑගලදී හෙරොයින් කිලෝ 1ක් අත්අඩංගුවට

කුරුණෑගලදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 02-02-2020 | 4:11 PM
COLOMBO (News 1st) : කුරුණෑගල ප්‍රදේශයේදී මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 10ක් සොයා ගත් බවයි. එහි වටිනාකම රුපියල් කෝටියකට අධික වේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ , කයිකාවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරුවෙකු සහ මහව තානායම පාරේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකි. ඔවුන් දින 06 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය. මොවුන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශනය කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.