වේරහැර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම අද අත්හිටුවයි

වේරහැර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම අද දිනයට තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 01-02-2020 | 7:50 AM

COLOMBO (News 1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම අද තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, පරිගණක පද්ධතියේ නවීකරණ කටයුතු හේතුවෙනි. අද දිනය තුළ එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.