බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

by Staff writer 01-02-2020 | 10:35 AM

News 1st - වසර 47 ක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරූ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.00 ට නිල බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මාස 11 ක‍ සංක්‍රාන්ති කාලයක් යුරෝපා සංගමයේ නීති තවදුරටත් පිළිපැදීමට නියමිතව ඇති අතර යුරෝපා සංගම් අරමුදල සඳහා මුදල් ගෙවීමට ද නියමිතව ඇති බව සඳහන් වේ. මීට වසර 3 කට පෙර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළව ජනමත විචාරණයක් පැවැති අතර එහිදී බහුතරයක් කියා සිටියේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යෝග්‍ය වන බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග යුරෝපා සංගමයේ සාමාජිකයින් ගණන 27 ක් බවට පත් වනු ඇති.