කොළඹ විශේෂ රථ වාහන සැලැස්ම අද ත්

නිදහස් දින පෙරහුරුව: විශේෂ රථ වාහන සැලැස්ම අද ත් ක්‍රියාත්මකයි

by Staff writer 01-02-2020 | 7:28 AM

COLOMBO (News 1st) -  ලබන 03 වැනි දා දක්වා කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්ම අද ත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ, 72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙනි. එම දිනවල උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට හා ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම අත්හිටුවා ඇතැයි පොලීසිය පවසයි. මීට අමතරව ධර්මපාල මාවතෙන් එෆ්. ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතින් රොස්මිඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවතට ඇතුළුවීම ද එම කාලය තුළ අත්හිටුවන බව පොලීසිය දැනුම් දෙයි. පොලීසිය ප්‍රකාශ කළේ, බෞද්ධාලෝක මාවතේ සිට සිට මෙට්ලන්ට් පෙදෙසට හා ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම පෙරහුරු පවතින කාල සීමාවේදී අත්හිටුවන බවයි. මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් මාවතට ඇතුළුවීම ද අත්හිටුවා තිබේ. ලබන 04 වැනි දාට යෙදෙන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය හේතුවෙන් ද නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.