දෙනුවර මැණිකේ හෙට සිට දිනපතා ධාවනයට

දෙනුවර මැණිකේ හෙට සිට දිනපතා ධාවනයට

by Staff writer 01-02-2020 | 5:07 PM
COLOMBO (News 1st) : දෙනුවර මැණිකේ දුම්රිය හෙට සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ දක්වා එය දිනක් හැර දිනක් බදුල්ලට ධාවනය කෙරුණු බවයි. එම දුම්රිය ප්‍රථම වරට ධාවනය එක් කළේ පසුගිය නොවැම්බර් පළමු වැනිදායි.