තහනම් දැල් සමග 12ක් මන්නාරමේදී අත්අඩංගුවට

තහනම් දැල් සමග 12ක් මන්නාරමේදී අත්අඩංගුවට

by Staff writer 01-02-2020 | 4:54 PM
COLOMBO (News 1st) : තහනම් දැල් සමග පුද්ගලයින් 12 දෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, සාගර පරිසර හානිය වැළැක්වීම සඳහා සිදුකළ මෙහෙයුම් දෙකකදී සවුත්බාර් සහ වන්කාලේ ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සමග ධීවර යාත්‍රා 4 සහ ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඔවුන් නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.