චීනයේ සිට එන අයගේ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට

චීනයේ සිට පැමිණෙන අයගේ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙතට

by Staff writer 01-02-2020 | 7:39 AM

COLOMBO (News 1st) - චීනයේ සිට පැමිණෙන පිරිස් පිළිබඳව තොරතුරු ඔවුන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ලබාදීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, චීනයේ සිට පැමිණෙන පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දින 14 ක් යන තෙක් නිරීක්ෂණයට ලක් කරන බවයි. කොරෝනා වෛරසය දිවයින පුරා ව්‍යාප්තව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවයි. සෙම්ප්‍රතිෂ්‍යාව ඇති නම් පමණක් මුඛ ආවරණ පළඳින ලෙස වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවට දැනුම් දෙයි.