home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගගේ, මුහුදේදී ජීවිතයක් බේරා ගන්නේ කෙසේද? V-Force ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන ගල්කිස්ස මුහුදේදී
by Staff writer
01-02-2020 | 12:47 PM
COLOMBO (News 1st) -
වී ෆෝස් බලකායේ සාමාජිකයෝ අද පෙරවරුවේ ගල්කිස්ස මුහුදු තීරයේ දී ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුවකට සහභාගි වූහ.
ඔවුන් සමග, ජාතික ජීවිත ආරක්ෂක සංවිධානය සහ ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබද ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානය ද එක්ව සිටියේ ය. ජලාශ්‍රිත ආපදා අවස්ථාවකදී ආපදා කණ්ඩායම්වලට සහය විය හැකි ආකාරයෙන් පුහුණු වු වී ෆෝස් කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබිණ. ජාතික ජීවිතාරක්ෂක සංවිධානයේ මගපෙන්වීම යටතේ මෙය පැවැත්වුණු අතර එහි සභාපති අසංක නානායක්කාර මහතා සහ ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ජල ආපදා අවදානම් සහිත ප්‍රදේශවල නිව්ස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුවන් ද වැඩමුළුවට එක්ව සිටීම විශේෂත්වයකි . මෙහිදී ජීවිතාරක්ෂක උපකරණ සහ ආම්පන්න භාවිත කරන ආකාරය පැහැදිලි කෙරුණු අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සිදු කෙරිණ. ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව මුහුදේදී යාත්‍රාවක් පෙරළුණු විට ක්‍රියාකරන ආකාරය ඉදිරිපත් කෙරුණු කැප්සයිස් පෙරහුරුවක් ද මෙහිදී පැවැත්විණ. ජීවිත ආරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණුව ලැබූ වීෆෝස් සාමාජිකයින්ට සහතික පත්‍රද පිරිනැමිණ. https://www.facebook.com/NewsfirstSL/videos/325318111698000/
වෙනත් ලිපි
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්න නිවා දැමේ...
වැලිමඩ බස් රථ අනතුරින් පුද්ගලයෙකු මරුට...
රම්බොඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි...
රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්
වැලිමඩදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය