ගගේ, මුහුදේදී ජීවිතයක් බේරා ගන්නේ කෙසේද? V-Force ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන ගල්කිස්ස මුහුදේදී

ගගේ, මුහුදේදී ජීවිතයක් බේරා ගන්නේ කෙසේද? V-Force ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන ගල්කිස්ස මුහුදේදී

ගගේ, මුහුදේදී ජීවිතයක් බේරා ගන්නේ කෙසේද? V-Force ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන ගල්කිස්ස මුහුදේදී

කර්තෘ Staff writer

01 Feb, 2020 | 12:47 pm

COLOMBO (News 1st) –වී ෆෝස් බලකායේ සාමාජිකයෝ අද පෙරවරුවේ ගල්කිස්ස මුහුදු තීරයේ දී ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුවකට සහභාගි වූහ.

ඔවුන් සමග, ජාතික ජීවිත ආරක්ෂක සංවිධානය සහ ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබද ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානය ද එක්ව සිටියේ ය.

ජලාශ්‍රිත ආපදා අවස්ථාවකදී ආපදා කණ්ඩායම්වලට සහය විය හැකි ආකාරයෙන් පුහුණු වු වී ෆෝස් කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබිණ.

ජාතික ජීවිතාරක්ෂක සංවිධානයේ මගපෙන්වීම යටතේ මෙය පැවැත්වුණු අතර එහි සභාපති අසංක නානායක්කාර මහතා සහ ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජල ආපදා අවදානම් සහිත ප්‍රදේශවල නිව්ස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුවන් ද වැඩමුළුවට එක්ව සිටීම විශේෂත්වයකි .

මෙහිදී ජීවිතාරක්ෂක උපකරණ සහ ආම්පන්න භාවිත කරන ආකාරය පැහැදිලි කෙරුණු අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සිදු කෙරිණ.

ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව මුහුදේදී යාත්‍රාවක් පෙරළුණු විට ක්‍රියාකරන ආකාරය ඉදිරිපත් කෙරුණු කැප්සයිස් පෙරහුරුවක් ද මෙහිදී පැවැත්විණ.

ජීවිත ආරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණුව ලැබූ වීෆෝස් සාමාජිකයින්ට සහතික පත්‍රද පිරිනැමිණ.

ජීවිත සුරකින්නට V-Force බලකායේ සූදානම

ජීවිත සුරකින්නට V-Force බලකායේ සූදානම#lka #News1st #VForce

Posted by Newsfirst.lk on Saturday, February 1, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]