by Staff writer 31-01-2020 | 12:00 PM
COLOMBO (News 1st): ඌව පරණගම, කොරදේකුඹුර හා මලපොල යන ප්‍රදේශවලට අයත් පයිනස් කලෑවක ගින්නක් හටගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ සිට ගින්න පැතිර යන බව ය.
අදාල පයිනස් කෑලෑව අක්කර 200ක් පමණ වන බවත් මේ වනවිට අක්කර 30කට අධික භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළේය.
ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශවාසීන් ගින්න නිවීමට දැඩි උත්සාහයක නිරතව සිටී.
අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන වනවිටත් ගිනි නිවීම් ඒකකයන් අදාළ ස්ථානයට වාර්තා කර නොමැති බව ය.
පවතින වියලි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරයාමේ දැඩි අවදානමක් තිබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.
ඌව පරණගම අක්කර 30ක පමණ පැතිරුණු පයිනස් කැලයේ ගින්න