
බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වෙයි
බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st): බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පැයකට පෙර ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙසත්, අවසානයක් නොව ආරම්භයක් ලෙසත් සඳහන් කිරීමට නියමිත බව ය.
වසර 58 කට පසු සෙසු යුරෝපා රටවල් 27 න් වෙන්වීමේ අවස්ථාව සත්‍ය ජාතිය ගොඩනැගීමේ සහ වෙනසක අවස්ථාව බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකරනු ඇති.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු සංක්‍රාන්ති සමයකට මුහුණදීමට නියමිත වේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ ඉකුත් වසරේ මාර්තු 31 වැනි දින වුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීම හමුවේ එය මේ දක්වා කල් දැමුණි.
2016 වසරේ පැවති ජනමත විචාරණයට අනුව බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් සියයට 52 ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළකර තිබුණි.
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න..