හෙරොයින් සමග තිදෙනෙකු දැලේ

හෙරොයින් කිලෝ 192ක් පිස්තෝල 10ක් සහ මැගසින් 19ක් පොලිස් භාරයට

by Staff writer 30-01-2020 | 11:25 AM

COLOMBO (News 1st): හෙරොයින් කිලෝ ග්‍රෑම් 192ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු, බණ්ඩාරගමදී අත්අඩගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව පෑලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අධිවේගී මාර්ගයේදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කළ බව ය. එහිදී හෙරොයින් කිලෝ 15 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙවත්තක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 177 ක් සොයා ගැනිණි. ඊට අමතරව පිස්තෝල 10 ක් සහ මැගසින් 19 ක් ද එහි තිබී සොයාගත් බව පොලීසීය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.