එජාප නායකයා රනිල්, සන්ධානයේ නායකත්වය සජිත්ට

Update : තවදුරටත් එජාප නායකයා රනිල්: සන්ධානයේ නායකත්වය සජිත්ට

by Staff writer 30-01-2020 | 3:04 PM
COLOMBO (News 1st) : එක්ව ඉදිරියට යාමටත් සන්ධානයේ නායකත්වය හා අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේ ය. අද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සාමාජිකයින් පිරිසක් පැමිණ සිටියේ නොසිටියහ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් අද පැවැත්වෙන රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර තිබිණ. ඒ, පක්ෂයේ සමගිය පළුදු වන ආකාරයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඉවත් කිරීමට ගෙන තිබු තීරණය හේතුවෙනි. අජිත් පී පෙරේරා,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , ඉමිටියාස් බාකීර් මාකාර්, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර තිබිණ. https://www.youtube.com/watch?v=1_gXvAxA_TA
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් අද පැවැත්වෙන රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එම පිරිස මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ සමගිය පළුදු වන ආකාරයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් 4 දෙනෙකු ඉවත් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙනි. අජිත් පී. පෙරේරා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , ඉමිටියාස් බාකීර් මාකාර්, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සවස 3 ට ආරම්භවීමට නියමිත බව ඊයේ වාර්තා විය.